ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 04-04-2019 | 5:51 AM

දේශීය පුවත්

1. ඌව වෛද්‍යවරුන් එක්දින වර්ජනයක: ඊයේ ඌව පළාතේ සියලු රෝහල්වල වෛද්‍යවරුන් එක්දින වැඩ වර්ජනයක් දියත් කර තිබේ. 2. පිටකොටුවේ වෙළෙඳසැලක ගින්නක්: ඊයේ පස්වරුවේ පිටකොටුවේ කෙලින් වීදියේ, තෙවන හරස් මාර්ගයේ වෙළෙඳසැලක ගින්නක් ගෙන තිබේ. 3. බත්තරමුල්ලේදී සරසවි සිසුන් පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාර: බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේදී විරෝධතාවයේ නිරත සරසවි සිසුන් පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. 4. ඇමති කිරිඇල්ල මහා සංඝරත්නයට බැන වැදුණු අයුරු: ගම්පොළ සිට උලපනේ දක්වා දිවෙන අතුරු මාර්ගයේ, මරියාවත්ත හන්දියේ සිට මාර්ග කොටස පිළිසකර නොකිරීමට විරෝධය පළ කරමින් ගම්වාසීන් විරෝධතාවක නිරත විය.

විදෙස් පුවත්

5. ඇල්ජීරියානු ජනපති සිය ධූරයෙන් ඉල්ලා අස්වේ: ඇල්ජීරියානු ජනාධිපති අබ්දෙලාසිස් බූට්ෆිලිකා සිය ධූරයෙන් ඉල්ලා අස් විය.