ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 18-03-2019 | 6:55 AM
COLOMBO (News 1st)

දේශීය පුවත්... 

1. කෝටි 25 මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ බුම්මාගේ සහායකයින්ට හොර ලේඛන හැදූ තැන වටලයි : වත්තල, හේකිත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන්ට ව්‍යාජ ලේඛන සකස් කිරීම සඳහා පවත්වාගෙන ගිය ස්ථානය වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ. 2.කාලගුණය අයහපත්, පළාත් කිහිපයකට රතු නිවේදන : ඉදිරිය පැය 9 සඳහා බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව පළාත් සඳහා මෙන්ම ගාල්ල හා මාතර ද දිස්ත්‍රික සඳහා ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදන නිකුත් කර තිබේ. 3.පොලිස් නිලධාරීන් 26 කට ස්ථාන මාරුවීම් : සේවා අවශ්‍යතා මත පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

4.කෙන්යා සංචාරය නිම කරමින් ජනපති දිවයිනට : කෙන්යාවේ සිව්දින නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුලු ශ්‍රී ලාංකික දූත පිරිස යළි දිවයිනට ළඟා විය.

විදෙස් පුවත්...

1.ක්‍රයිස්චර්ච් තුවක්කුකරු තනිව ප්‍රහාරය මෙහෙයවා ඇති බව විමර්ශනවලින් හෙළිවෙයි : පුද්ගලයින් 50 කට මරු කැඳවමින් ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ තුවක්කකරු තනිව ප්‍රහාරය මෙහෙයවා ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

විදෙස් පුවත්...

1.ලෝක කුසලාන ජයග්‍රහණයට 23 වසරක් සපිරේද්දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට්…? : ක්‍රිකට් ලෝකයට ම අමතක නොවන මතක රැසක් දායාද කරමින් ශ්‍රී ලංකාව ලොව ලබාගත් ක්‍රීඩා ලොවේ ඉහළම කුසලානය හිමි කරගෙන අදට (17) වසර 23 කි.