ක්‍රයිස්චර්ච් ප්‍රහාරය ගැන තොරතුරු හෙළිවෙයි

ක්‍රයිස්චර්ච් තුවක්කුකරු තනිව ප්‍රහාරය මෙහෙයවා ඇති බව විමර්ශනවලින් හෙළිවෙයි

by Staff writer 17-03-2019 | 7:36 AM

පුද්ගලයින් 50 කට මරු කැඳවමින් ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ තුවක්කකරු තනිව ප්‍රහාරය මෙහෙයවා ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ සම්බ්නධයෙන් තව ත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඊට සෘජු සම්බන්ධයක් නොමැති බවයි. නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකකට පසුගිය සිකුරාදා එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 50 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ, අදාළ දේවස්ථානයක් අසළ තිබි තව ත් මළ සිරුරක් එරට පොලීසිය විසින් සොයා ගැනීමෙන් අනතුරුවයි. ජීවිතක්ෂයට පත් වූවන් අතර ආසියානුවන් 9 දෙනකු ද වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පාකිස්ථාන ජාතිකයන් 6 දෙනකු ඉන්දියානුවන් දෙදෙනකු සහ ඇෆ්ගනිස්ථාන ජාතිකයකු ඒ අතර වන බවයි. මේ අතර ක්‍රයිස්චර්ච් නුවර සියලුම රජයේ ගොඩනැගිලිවල ධජ නැවත දැනුම් දෙන තුරු අඩකුඹු කර තබන ලෙසට ක්‍රයිස්චර්ච් නගරාධිපතිවරිය නියෝග කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු අතර යළි අප්‍රේල් 5 වැනි දා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.