රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් හත්දෙනා මෙම මස 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඒ, ඔවුන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
අදාළ ව්‍යාපාරිකයින් දෙදෙනා මෙම සැකකරුවන් විසින් ඝාතනය කර ඇති බවට සාක්ෂි රැසක් ලැබී ඇති බව අධිකරණය හමුවේ කරුණු දැක්වු රජයේ අධිනීතිඥවරුන් පැවසීය.
ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කර පුළුස්සා දමනු ලැබූ ස්ථානයට ආසන්නයේ සැකකරුවන් ඇඳ සිටි ඇදුම් ද පුළුස්සා දමා ඇති අතර එහි කොටස් හා ඝාතනය කළ පුද්ගලයින් දෙදෙනාගේ ජංගම දුරකථනවල කොටස් රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කිරිමට අවසර දෙන්නැයි රජයේ අධිනීතිඥවරයා මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා එම අවසරය ලබාදුන්නා.
ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන්නේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙක්, පොලිස් පරික්ෂකවරයෙක්, උප පොලිස් පරික්ෂකවරුන් දෙදෙනෙක්, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු වන නිළධාරියෙකි.
මේ සම්බන්ධයෙන් පළ කළ වාර්තා පහතින්