ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 09-02-2019 | 6:38 AM

දේශීය පුවත්

1. ඉන්දියාවේ සංචාරයක් සඳහා විපක්ෂ නායක දිවයිනෙන් පිටත්ව යයි: විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේ ය. ඒ, හින්දු පුවත්පත මගින් බැංගලෝර්හිදී පවත්වනු ලබන සමුළුවක සමාරම්භක දේශනය පැවැත්වීම සඳහායි. 2. “පාතාලයෝ, මත්කුඩුකාරයෝ අල්ල ගත්ත එකට උප්පැන්න දෙන්න කොච්චර අය ඉන්නවද..?” – ජනපති: ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය ඊයේ පොළොන්නරුවෙන් ආරම්භ කෙරුණි. 3. මධුෂ් සමග අත්අඩංගුවට ගත් 6 දෙනෙකුගේ නිවෙස් පොලිස් පරීක්ෂාවට: මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකුගේ නිවාස පොලීසිය පරීක්ෂාවට ලක් කර තිබේ. 4. මහාපරිමාන මත්ද්‍රව්‍ය තොග සමග විදේශිකයින් ඇතුළු සැකකරුවන් 5 ක් අත්අඩංගුවට: ස්ථාන දෙකකදී මහාපරිමාන මත්ද්‍රව්‍ය තොග සොයාගෙන තිබේ. කොකේන් කිලෝග්‍රෑම් එකක් කටුනායකදී සොයාගත් අතර පෑලියගොඩින් සොයාගත් කේරල ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 400 කට අධිකයි. 5. ඔස්ට්‍රේලියාව බලා ගිය ගුවන්යානයක් හදිසියේ කටුනායකට ගොඩබස්වයි: අබුඩාබි සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පියාසර කරමින් තිබූ A- 380 වර්ගයේ ගුවන්යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබස්වා තිබේ.

විදෙස් පුවත්

6. වෙනිසුවෙලානු ජනපති යටතේ සිටින නීති නිලධාරීන්ගේ වීසා බලපත්‍ර අමෙරිකාව අත්හිටුවයි: අමෙරිකාව, වෙනිසුවෙලානු ජනපති නිකලස් මධුරෝ යටතේ සේවය කරන සියලු නීති නිලධාරීන්ගේ වීසා බලපත්‍ර අත්හිටුවා තිබේ.