ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 09-01-2019 | 6:59 AM
COLOMBO (News 1st)  1. මොරගහකන්ද, කළු ගඟ ජලාශ්‍රයේ ඉඩම් අහිමි වූවන් වෙනුවෙන් ඉදිවූ ලග්ගල හරිත නගරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් ඊයේ ජනතා අයිතියට පත් කෙරිණි. 2. ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වී වසර 10ක් සපිරේ. 3. මේ වසරේ රජයේ සමස්ත රාජ්‍ය වියදම රු. බිලියන 4,470ක් බව මුදල් අමාත්‍යංශය පවසයි. 4. නව විපක්ෂ නායකවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දන්වා තිබේ. 5. යටිනුවර විදීයේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්න... විදෙස් පුවත් 6. ලෝක බැංකුවේ සභාපති ජිම් යොන්ග් කිම් අනපේක්ෂිත අයුරින් සිය ධූරයෙන් ඉවත් වන බව නිවේදනය කළේ ය. ක්‍රීඩා පුවත් 7. අමෙරිකා ක්‍රිකට් ආයතනයට, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමිව තිබේ.