ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 20-09-2018 | 6:18 AM

විදෙස් පුවත්

1. කාන්තා සනීපාරක්ෂක තුවාවලට පැනවූ බද්ද ඉවතට: කාන්තා සනීපාරක්ෂක තුවා සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා පනවා තිබූ 40% ක සෙස් බද්ද ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. 2. මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්: බුදු සසුන සුරක්ෂිත කිරීම උදෙසා ක්‍රියා මාර්ග ගන්නැයි ඉල්ලමින් යෝජනා මාලාවක් සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි පාර්ශවයන්හි මහ නාහිමිවරුන් ජනාධිපතිතුමාට සංදේශයක් යොමුකර තිබේ. 3. ‘සීනි මිල වැඩි කිරීමට අවසර දෙන්නෙ නැහැ’ – මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්: ඊයේ සිට සීනි මත නව බදු පැන වුව ද සීනිවල මිල වැඩි කිරීමට අවසර ලබා නොදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කෙසේ වෙතත් බදු පැනවීම හේතුවක් කර ගනිමින් සීනි අනායනකරුවන් හෝ බෙදා හරින්නන් සීනිවල සිල්ලර මිල ඉහළ දමන්නේ නම්, පාරිභෝගික පනත යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද රජය අවධාරණය කර සිටියි. 4. නි. පොලිස්පති නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යවන්නැයි නිර්දේශ: නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යවන්නැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය නිර්දේශ කර තිබේ. අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ නිර්දේශ ජාතික පොලිස් කොමිසමට යොමු කළ බවයි. 5. හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට: අද සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 4% කින් ඉහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අවම ගාස්තුව වන රුපියල් 12 හි කිසිදු වෙනසක් සිදු නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

විදෙස් පුවත්

6. ටෙන්ඩර් කැඳවීමකින් තොරව මාලදිවයින් දූපත් 50ක් බදු දී ඇති බවට හෙළිවෙයි: මාලදිවයින් රජයේ දූෂණ සහ අක්‍රමිකතා රැසක් නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ. එම වාර්තාවට අනුව සංචාරක කර්මාන්තයේ නිරත ආයතන සඳහා මහජන ටෙන්ඩර් කැඳවීමෙන් තොරව මාලදිවයින් දූපත් 50 ක් බදු දීමට රජය අවස්ථා ගණනකදී පියවර ගෙන ඇති බව සඳහන් ය. එවැනි බදු දීමේ ගිවිසුම් 50කින් 24ක්ම සිදු ව ඇත්තේ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ අනුමැතිය සහිතවයි.

ක්‍රීඩා පුවත්

7. තියුණු තරගයකින් පසු ඉන්දියාව ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් සිව්දෙනාගේ වටයට: තියුණු තරගයකින් පසුව 2018 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් සිව්දෙනාගේ තරග වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ, හොං කොං කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 26 කින් ජය ගනිමිනි.