කාන්තා සනීපාරක්ෂක තුවාවලට පැනවූ බද්ද ඉවතට

කාන්තා සනීපාරක්ෂක තුවාවලට පැනවූ බද්ද ඉවතට

by Staff writer 19-09-2018 | 10:09 PM
COLOMBO (News 1st) : කාන්තා සනීපාරක්ෂක තුවා සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා පනවා තිබූ 40% ක සෙස් බද්ද ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, අද පස්වරුවේ මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බවයි. එම තීරණය හෙට ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ද මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය. දැනට කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන සමස්ත බදු ප්‍රමාණය 102%කි.