ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 20-08-2018 | 6:30 AM
දේශීය පුවත්...... COLOMBO (News 1st) 1. ඔක්තෝබර් 1 සිට දුම්රිය ගාස්තු ඉහළට: ඔක්තෝබර් මස පළමු වැනිදා සිට දුම්රිය ගාස්තු 15% කින් ඉහළ දමන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. 2. වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 35,000 කට ඩෙංගු : සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා දිස්ත්‍රික්ක 5 ක සිදුකළ ඩෙංගු මර්දන මෙහෙයුමේදී පුද්ගලයින් 369 කට එරෙහිව නඩු පැවරා තිබේ. 3. උ/පෙළ විභාගය අතරතුර පරීක්ෂාවක් : හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් විභාගය මුහුණ දෙමින් සිටියදී හදිසි පරික්ෂාවට ලක් කිරීම හේතුවෙන් ඔවුන් අපහසුතාවට පත්ව ඇතැයි, ගුරු සංගම් චෝදනා කරයි. 4. දේශපාලකයින්ට දැන් ගම මතක් වෙන්නේ ඇයි? : ජනතාව හමුවේ ඇති ප්‍රධාන ගැටලුවලට මෙතෙක් විසඳුම් ලබාදීමට පැවති ආණ්ඩුවලට හා වර්තමාන ආණ්ඩුවට නොහැකිවී තිබේ. නිවුස් ෆස්ට් ඇතුළු මෙරට විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයන් කෙතරම් දැනුවත් කළද දේශපාලකයින් ඊට අවධානය යොමු නොකරන්නේ ඇයි ද යන්න ප්‍රශ්නාර්ථයකි. විදේශීය පුවත්.... 1. මැග්නිටියුට් ඒකක 8.2 ක ප්‍රබල භූ චලනයක් : ෆිජි දුපත් ආශ්‍රිත මුහුදේ මැග්නිටියුට් ඒකක 8.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව තිබේ. 2. ඉන්දුනීසියාවේ ලොම්බොක්හි ප්‍රබල භූ චලනයක් : ඉන්දුනීසියාවේ ලොම්බොක් ප්‍රදේශයේ මැග්නිටියුඩ් ඒකක 6 . 9 ක භූ චලනයක් සිදුවිය.

ක්‍රීඩා පුවත්...

1. ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් වෙයි : ආසියානු ක්‍රීඩා උ‍ළෙලේ පිහිණුම් තරගවල පිරිමි මීටර් 200 නිදහස් ආර පිහිණුම් තරග ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කීරීමට සමත් විය.