පුද්ගලයින් 35,000 කට අධික පිරිසකට ඩෙංගු

වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 35,000 කට අධික පිරිසකට ඩෙංගු

by Staff writer 19-08-2018 | 12:47 PM
පසුගියදා දිස්ත්‍රික්ක 5 ක සිදුකළ ඩෙංගු මර්දන මෙහෙයුමේදී පුද්ගලයින් 369 කට එරෙහිව නඩු පැවරූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂ ප්‍රශිලා සමරවීර මහත්මිය සදහන් කළේ ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහල යා හැකි බවට හදුනාගත් කොළඹ, ගම්පහ, කළුතර, යාපනය හා මන්නාරම යන දිස්ත්‍රික්කවල පසුගිය 16 සහ 17 යන දෙදින තුළ මෙම ඩෙංගු මර්දන වැඩ සටහන ක්‍රියාත්මක කළ බවයි. එහිදී පරිශ්‍ර 40,000 ක් පරික්ෂාවට ලක් කළ බවද ඇය සදහන් කළා. එම දින දෙක තුළ මදුරුවන් බෝ විය හැකි බවට හදුනාගත් ස්ථාන 1500 කට රතු නිවේදන නිකුත් කර තිබෙනවා. මේ අතර වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 35,000 කට අධික පිරිසකට ඩෙංගු රෝගය වැලදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. රෝගය වැලදීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 40 ක්.