
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
කර්තෘ Staff writer
1. පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට සහ වසන්ත මුදලිගේට ඇප – අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියෝග කර තිබේ.
2. ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායී මූල්‍ය පහසුකම් ගන්න ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම්වලට ලෝක බැංකුවේ අනුමැතිය – ජනාධිපති – ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ජීවනෝපාය ආරක්ෂා කිරීමට උදව් කිරීම සඳහා ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීමට, ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් ලෝක බැංකුව අනුමත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (06) නිවේදනය කළේ ය.
3. ඔක්තොම්බර් මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට – ඔක්තොම්බර් මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 11 දශම 9 කින් පහළ ගොස් තිබේ.
4. චීනය ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක මතයක – පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය හමුවේ, දුෂ්කරතා සහ අභියෝගයන්ට මුහුණ දීමේ දී, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තම රට ඉහළ වැදගත්කමක් ලබා දෙන බව චීනය පවසයි.
5. අලුත් පොතක් සතුටු හිතක් සිරස – ශක්ති පොත් යාත්‍රාව වැඩ අරඹයි.. – අලුත් පොතක් සතුටු හිතක් සිරස – ශක්ති පොත් යාත්‍රාව ඊයේ (06) ඇරඹිනි. ඒ අපේ රටේ අනාගතය භාර ගන්න ඉන්න අනාගත පරපුර වෙනුවෙනි.
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි
- තුර්කියේ මුදා ගැනීම්වලට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්