චීනය ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක මතයක

චීනය ශ්‍රී ලංකාව පිළිබඳ ධනාත්මක මතයක

by Hashini De Mel 06-12-2022 | 10:16 PM

COLOMBO (News 1st) පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය හමුවේ, දුෂ්කරතා සහ අභියෝගයන්ට මුහුණ දීමේ දී, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තම රට ඉහළ වැදගත්කමක් ලබා දෙන බව චීනය පවසයි.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක, මාඕ නින්ග් මහත්මිය ඊයේ (05)  පැවති සාකච්ඡාවකදී පවසා ඇත්තේ, චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර ආර්ථික හා මූල්‍ය ආයතන සමග  දිගුකාලීන මෙන්ම උසස් මට්ටමේ සහයෝගීතාවයක් පවත්වාගෙන යන බවයි.

ආර්ථික අර්බුධය නිසි ලෙස විසඳීම සඳහා ශ්‍රී ලංකාව සමග කටයුතු කිරීමට මූල්‍ය ආයතනවලට සහාය වන බවද, චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකවරිය සඳහන් කළා ය.

ශ්‍රී ලංකාවට ණය දුන් රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතනය චීනය සමග කටයුතු කරනු ඇතැයි ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.