IPL තරගාවලිය ත්  කල් යයි

IPL තරගාවලිය නැවත දැනුම් දෙන තුරු කල් දැමේ

by Sagarika Chathumali 04-05-2021 | 2:11 PM

COLOMBO (News 1st) : ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් IPL තරගාවලිය  අත්හිටුවීමට තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , IPL සභාපති බ්‍රිජේෂ් පටෙල්  ඒ බව තහවුරු කළ බවයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, සියලු දෙනාගේ ම ආරක්ෂාව පිළිබඳ සලකා  පාලක සභාව සහ BCCI ඉහළ පෙළ සාමාජිකයින් ඒකමතිකව මෙම තීරණය ගත් බවයි. මේ වනවිට ඉන්දියාව පුරා කොරෝනා වෛරසය අවදානම් සහතව පැතිරෙමින් යන අතර මිලියන 200කට වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර 222,000 කට වැඩි අසාදිතයින් සංඛ්‍යාවකට ජීවිත අහිමිවී තිබේ. සබැඳි පුවත්... 

ක්‍රීඩකයින් දෙදෙනකුට කොරෝනා.. IPL තරගයක් කල් යයි