home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
මියන්මාරයේ ජනාදරයට පත් නළු Paing Takhon හමුදා අත්අඩංගුවට...
by Sagarika Chathumali
09-04-2021 | 12:51 PM
COLOMBO (News 1st) : කුමන්ත්රණයකින් රට අල්ලා ගත් මියන්මාර හමුදා පාලකයින් සිය අණට එරෙහිව නැගී සිටින කලාකරුවන්, නළු නිළියන් වැනි ජනාදරය දිනා ගත් ප්‍රසිද්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගනිමින් තවදුරටත් ජනතාව මර්දනය කිරීමට උත්සාහ දරමින් සිටී.
මියන්මාරයේ සහ තායිලන්තයේ මිලියන ගණන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් ප්රමුණ පෙළ නිරූපණ ශිල්පියෙකු මෙන්ම නළුවෙකු වන පේන් ටකොන් අත්අඩංගුවට ගැනීම මෙහි ආසන්නතම සිදුවීමයි. හමුදා කුමන්ත්‍රණයට එරෙහිව සාමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම මහ ජන විරෝධතාවල ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු වූ 24 හැවිරිදි ටකොන්ගේ මිලියනයකට වැඩි අනුගාමිකයින් පිරිසක් සිටින Instagram ගිණුම ද Facebook ගිණුම ද ඉවත්කිරීමට හමුදා පාලකයින් පියවර ගෙන තිබේ. පෙබරවාරි පළමු වැනිදා මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්රණයෙන් පසු ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජනතා නැගී සිටීම් තවදුරටත් උණුසුම් වෙමින් පවතී. විරෝධතාවල නිරත ජනතාවට හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් ජීවිත අහිමි වූ සිවිල් වැසියන් සංඛ්‍යාව 600කට අධික ය. ටකොන්ගේ සහෝදරිය පවසා ඇත්තේ හමුදා රථ 8කින් නිලධාරීන් 50,ක් පමණ පැමිණ ඔහු රැගෙන ගිය බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ සුචීගේ ඡායාරූප පවා පළ කරමින් ටකොන් පවසා තිබුණේ, හමුදා කුමන්ත්‍රණය දැඩිව හෙළා දකින බවත් , සුචී ඇතළු දේශපාලන නායකයින් වහාම නිදහස් කර මැතිවරණ ප්‍රතිඵල පිළිගනිමින් සිවිල් පාලනයට යළි ඉඩ දෙන ලෙසත් ය. කුමන්ත්‍රණයට එරෙහිව නැගී සිට් කලාකරුවන් නළු නිළියන් ඇතුළු එරට සුප්‍රසිද්ධ පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් අතඅඩංගුවට ගැනීම සඳහා හමුදා පාලකයින් මේ වනවිටත් වරෙන්තු නිකුත් කර ඇත. ඒ අනුව මීට සතියකට එරට ප්‍රසිද්ධ නළුවෙකු වූ සර්ගනාර් ද ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත් විය. මේ අතර පසුගිය දා තායිලන්තයේ පැවති Miss Grand International – 2020 තාරගාවලියට ඉදිරිපත් වූ මියන්මාර රූ රැජිණ Han Lay තරගාවලි වේදිකවේ ප්‍රකාශයක් කරමින් ලෝකවාසීන්ගෙන් ඉල්ලා සිටියේ, අත්ව ඇති ඛේදනීය ඉරණමෙන් සිය රට බේරා දෙන ලෙසයි.
සබැඳි පුවත්...
සිය හිසට කිරුළ නොව රටට කිරුළු පළදන්නට පෙරට ආ මියන්මාර රූ රැජිණ
වෙනත් ලිපි
නැදුන්ගමුවේ විජය රාජා යළිත් ජීවමාන වෙයි.
ජලභිතිකාව මාරාන්තිකයි, නොපමාව ප්‍රතිකාර ගන්න
ජපානයේ අනාගතය වැඩිහිටියන්ගෙන් පිරී යයි ද?
සිරස TV නවතම වැඩසටහන The Voice Kids
වෝන්ගේ වත්කම් දරුවන් අතරේ බෙදෙයි..
'ගාඩි' මංගල දර්ශනය කොළඹදී...
විශේෂාංග
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය