මන්ත්‍රී වසන්ත යාපාගේ ආශ්‍රිතයින් සොයයි (CCTV)

Update : මන්ත්‍රී වසන්ත යාපාගේ ආශ්‍රිතයින් සොයයි

by Staff writer 25-01-2021 | 11:26 AM

COLOMBO (News 1st) : කොරෝනා ආසාදිත බවට තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පසුගිය 19 වන දා පාර්ලිමේන්තුවට පැමිණ ඇතැයි, පාර්ලිමේන්තු පාලනාධිකාරිය පවසයි.

මේ හේතුවෙන් CCTV දර්ශන ඇසුරින් ඔහුගේ ආශ්‍රිතයින් සෙවීම ආරම්භ කර තිබේ. ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 6 කි. දයාසිරි ජයසේකර, රවුෆ් හකීම්, වාසුදේව නානායක්කාර, පවිත්‍රා වන්නිආරච්චි සහ පියල් නිශාන්ත යන මහත්ම මහත්මීන්ට ද මීට පෙර කොරෝනා ආසාදනය වූහ.

සබැඳි පුවත්....

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු කොරෝනා