පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට කොරෝනා

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට කොරෝනා

by Sagarika Chathumali 25-01-2021 | 9:37 AM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාරට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මීට අමතරව පසුගිය සමයේ තවත් දේශපාලනඥයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසට ආසාදනය වී ඇති බව වාර්තා විය. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, අමාත්‍ය වාසුදේව නානයක්කාර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් යන අය වෛරස ආසාදියින් ලෙස වාර්තා විය.