ගල්ලෑල්ලෙන් පැන්න රැඳවියෙක් අල්ලයි

ගල්ලෑල්ලෙන් පැන්න කොරෝනා රැඳවියන් ආ ගිය තැන් මෙන්න

by Sagarika Chathumali 31-12-2020 | 4:52 PM

COLOMBO (News 1st) : පොළොන්නරුව, ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලාගිය කොරෝනා ආසාදිත රැඳවියන් පස් දෙනාගෙන් එක් අයෙකු මාදම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පළා ගිය අය අතර සිටි 27 හැවිරිදි කොරෝනා ආසාදිත රැඳවියා ය. මේ අතර අදාළ පළා ගිය රැඳවියන් ගල්ලෑලේ සිට පොළොන්නරුව බස් නැවතුම්පොළට පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසී ය. පසුව උදෑසන 5.45 ට පොළොන්නරුව - මාතර බෝඩ් ලෑල්ල සහිතව පොළොන්නරුව සිට කොළඹ බලා ධාවනය වූ MB 9268 බස් රථයෙන් මොවුන් කුරුණෑගලට පැමිණ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඉන් අනතුරුව පිරිස කුරුණෑගල සිට වෙනත් බස් රථ ඔස්සේ හෝ වෙනත් ප්‍රවාහන මධ්‍යක් ඔස්සේ වෙනත් ප්‍රදේශවලට පලා යන්නට ඇති බවට සැක කරන බවයි. මේ අතර පොලීසිය ඉල්ලා සිටින්නේ, ඉහත අංකය දරන බස් රථයේ ගමන් කළ අයෙකු වේ නම්, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර වහාම ස්වයං නිරෝධායනට යොමු වන ලෙසයි.

සබඳි පුවත පහතින්...

ගල්ලෑල්ලෙන් පැන්න කොරෝනා රැඳවියන් ගැන තොරතුරක් වේ නම්, වහාම දැනුම් දෙන්න