පළා ගිය COVID රැඳවියන් සෙවීමට මහජන සහය පතයි

ගල්ලෑල්ලෙන් පැන්න කොරෝනා රැඳවියන් ගැන තොරතුරක් වේ නම්, වහාම දැනුම් දෙන්න

by Sagarika Chathumali 31-12-2020 | 1:12 PM
COLOMBO (News 1st) : පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා ගිය රැඳවියන් 5 දෙනා සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි. අද අලුයම් කාලයේදී මෙලෙස පළා ගොස් ඇත්තේ, මීගමු බන්ධනාගරයේ සිට මෙම මධ්‍යස්ථානයට යොමු කළ රැඳවියන් 5 දෙනෙකි. ඔවුන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර පළා ගිය රැඳවියන්ගේ තොරතුරු පහත පරිදි වේ. එම ආසාදිත රැඳවියන්ගේ තොරතුරු පහත පරිදි වේ. 1. දඹල්ලගේ බුද්ධික විමලරත්න - අවුරුදු 31යි 2. මද්දුමරාලලාගේ කවිඳු මධුෂාන් - අවුරුදු 27යි 3. විජේසූරිය ආරච්චිගේ හරිත කැළුම් අප්පුහාමි - අවුරුදු 26 4. ඉමියා මුදියන්සේලාගේ නිමල් වසන්ත - අවුරුදු 52යි 5. පී.කේ. සුමිත් පුෂ්පකුමාර - අවුරුදු 36යි පළා ගිය මෙම රැඳවියන් පිළිබඳ යම් තොරතුරක් වේ නම්, පහත සඳහන් දුරකතන අංකවලට හෝ ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. මූලස්ථාන පොලිස් පරීක්ෂක පොළොන්නරුව - 071 8591233 හදිසි ඇමතුම් අංශය - 119