ඉතාලියේදී ලාංකිකයෙක් මියගිය තොරතුර තහවුරු නැහැ

Update: ඉතාලියේදී ලාංකිකයෙකු මියගිය බවට පළවූ වාර්තා තහවුරු කළ නොහැකියි - විදේශ අමාත්‍යාංශය

by Chathuranga Rajapaksha 25-03-2020 | 3:37 PM

COLOMBO (News 1st): 2020-03-24 (3.30PM) Update:

ඉතාලියේ මෙසිනා නගරයේ දී ශ්‍රී ලාංකිකයෙකු මියගිය බවට පළවූ වාර්තා තහවුරු කළ නොහැකි බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇතැයි, විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙසීනා නගරයේ වාසය කළ 70 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මිය ගිය බවට මීට පෙර තොරතුරු වාර්තා විය. මීට පෙර පුවත - 2020-03-24 (10.46AM) - ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයෙකු මිය යයි: මරණයට හේතුව කොරෝනා ආසාදනයදැයි සොයා පරීක්ෂණ