ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයෙකු මිය යයි

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයෙකු මිය යයි: මරණයට හේතුව කොරෝනා ආසාදනයදැයි සොයා පරීක්ෂණ

by Staff writer 25-03-2020 | 10:46 AM

COLOMBO (News 1st) - ඉතාලියේ, මෙසීනා නගරයේ වාසය කළ ශ්‍රී ලාංකිකයෙකු මිය ගොස් තිබේ.

විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ, ඔහුගේ මරණයට නිශ්චිත හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බවයි. කොරෝනා ආසාධනයෙන් ඔහු මියගොස් අත්දැයි, ඉතාලියේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය විසින් සොයා බලමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. මෙලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි.