ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 26-01-2020 | 6:25 AM

දේශීය පුවත්

1. කොරෝනා වැළඳුණු බවට සැක කෙරෙන කාන්තාවන් දෙදෙනෙක් IDH රෝහලට: කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන හා ශ්‍රී ලාංකික කාන්තාවක් අංගොඩ පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනයට ඇතුළත් කර තිබේ. 2. වූහාන් ප්‍රාන්තයේ ලාංකික සිසුන් වහාම ගෙන්වන්නැයි ජනපතිගෙන් උපදෙස්: කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති චීනයේ වූහාන් ප්‍රන්තයේ සිටින සියලු ශ්‍රී ලංකික සිසුන් වහාම ආපසු ගෙන්වා ගැනීමට විධි විධාන සලස්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ සබඳතා අමාත්‍යංශයට උපදෙස් දී තිබේ. 3. වෝහාරික විගණනයෙන් හෙළි වූ ඥාතී සංග්‍රහය: 2002 සිට 2015 දක්වා බැඳුම්කර ගනුදෙනුවලට අදාළ වෝහාරික විගණන වාර්තා 05ක් මේ වනවිට ප්‍රසිද්ධියට පත් කර තිබේ. 4. වැල්ලවත්තේ ගින්නකින් පුද්ගලයකු මරුට: වැල්ලවත්ත, රුද්‍රා මාවතේ මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයකු මියගොස් තිබේ.

විදෙස් පුවත්

5. කොරෝනා වෛරසයෙන් මිය ගිය පුද්ගලයින් ගණන 41 ක් දක්වා ඉහළට: කොරෝනා වෛරසය හේතුවෙන් චීනයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 41 ක් දක්වා ඉහළ ගොස් තිබේ.