ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

14 Dec, 2019 | 7:30 am

දේශීය පුවත්

1. පාඨලී චම්පිකට සහ ඔහුගේ රියැදුරුට විදෙස් ගමන් තහනමක්:
2016 වසරේදී රාජගිරියේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කළ බව කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සහ ඔහුගේ රියැදුරු තුසිත දිළුම් කුමාර නැමැත්තාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය ඊයේ විදෙස් ගමන් තහනමක් පැනවූවා ය.

2. කොළඹ 5 සහ 6 හැර අනෙකුත් ප්‍රදේශවලට පැය 24ක ජල කප්පාදුවක්:
කොළඹ 5 සහ 6 හැර, අනෙක් සියලු ප්‍රදේශවලට අද රාත්‍රී 8 සිට හෙට රාත්‍රී 8 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එම කාල සීමාව තුළ කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලබාදෙනු ඇති.

3. සූර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රිරෝද රථ වෙළෙඳපොළට:
සූර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථ ඊයේ සිට මෙරට භාවිතයට එක් කෙරේ. ඒ, කොරියානු රජයේ තාක්ෂණික දායකත්වයෙන් ය.

4. “MCC අත්සන් කිරීමට ආණ්ඩුව තීරණයක් ගෙන නැහැ…” නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි:
ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී ගිවිසුම නැවත සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇතැයි, නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

5. හෙරොයින් ජාවරම්කරුවෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම:
හෙරොයින් සහ ගංජා ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ අධිචෝදනාවලට වරදකරු කරනු ලැබු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය.

විදෙස් පුවත්

1. බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් අගමැති ප්‍රමුඛ කොන්සවේටිව් පක්ෂයට ජය:
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රමුඛ කොන්සවේටිව් පක්ෂය ජයග්‍රහණය කළේ ය. ඒ, ආසන 650 කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 333ක බහුතරයක් දිනා ගනිමිනි.

2. මැතිවරණ පරාජයෙන් පසු ජෙරමි කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කරයි:
මහ මැතිවරණයෙන් ලද දැවැන්ත පරාජය හේතුවෙන් තමන් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වන බව එම පක්ෂයේ නායක ජෙරමි කෝබින් පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]