හෙරොයින් ජාවරම්කරුවෙකුට මරණ දඬුවම

හෙරොයින් ජාවරම්කරුවෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

by Staff writer 13-12-2019 | 12:10 PM
COLOMBO (News 1st) : හෙරොයින් සහ ගංජා ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ අධිචෝදනාවලට වරදකරු කරනු ලැබු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය.  එම නියෝගය ප්‍රකාශයට පත් කළේ, මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතායි. හෙරෝයින් ග්‍රෑම් 62.73ක ප්‍රමාණයක් සහ ගංජා ග්‍රෑම් 12.17 ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරිම යන අධිචෝදනා 04 කට ඔහු වරදකරු වන බැවින් මරණ දඬුවම ලබා දෙන බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය. එලෙස මරණ දඬුවම හිමි වුණේ , 26 හැවිරිදි අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි සිමියොන් විල්සන් නමැති අයෙකුටයි. ඔහු ප්‍රබල පාතාල කල්ලි සමාජිකයෙකු වන කෙසෙල්වත්තේ දිනුක්ගේ ඥාතියෙකු ද වේ. පසුගිය වසරේ පෙබරවාරි මස 18 වනදා විත්තිකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ , ඔහුගේ නිවසේදීයි.