home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
14-12-2019 | 7:30 AM
දේශීය පුවත්
1.
පාඨලී චම්පිකට සහ ඔහුගේ රියැදුරුට විදෙස් ගමන් තහනමක්:
2016 වසරේදී රාජගිරියේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කළ බව කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සහ ඔහුගේ රියැදුරු තුසිත දිළුම් කුමාර නැමැත්තාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය ඊයේ විදෙස් ගමන් තහනමක් පැනවූවා ය. 2.
කොළඹ 5 සහ 6 හැර අනෙකුත් ප්‍රදේශවලට පැය 24ක ජල කප්පාදුවක්:
කොළඹ 5 සහ 6 හැර, අනෙක් සියලු ප්‍රදේශවලට අද රාත්‍රී 8 සිට හෙට රාත්‍රී 8 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එම කාල සීමාව තුළ කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලබාදෙනු ඇති. 3.
සූර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රිරෝද රථ වෙළෙඳපොළට:
සූර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථ ඊයේ සිට මෙරට භාවිතයට එක් කෙරේ. ඒ, කොරියානු රජයේ තාක්ෂණික දායකත්වයෙන් ය. 4.
“MCC අත්සන් කිරීමට ආණ්ඩුව තීරණයක් ගෙන නැහැ…” නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි:
ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී ගිවිසුම නැවත සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇතැයි, නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. 5.
හෙරොයින් ජාවරම්කරුවෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම:
හෙරොයින් සහ ගංජා ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ අධිචෝදනාවලට වරදකරු කරනු ලැබු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය.
විදෙස් පුවත්
1.
බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් අගමැති ප්රමුඛ කොන්සවේටිව් පක්ෂයට ජය:
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්රමුඛ කොන්සවේටිව් පක්ෂය ජයග්‍රහණය කළේ ය. ඒ, ආසන 650 කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 333ක බහුතරයක් දිනා ගනිමිනි. 2.
මැතිවරණ පරාජයෙන් පසු ජෙරමි කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කරයි:
මහ මැතිවරණයෙන් ලද දැවැන්ත පරාජය හේතුවෙන් තමන් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වන බව එම පක්ෂයේ නායක ජෙරමි කෝබින් පවසයි.
වෙනත් ලිපි
News1st සම්මාන රැසකින් පිදුම් ලබයි..
ගංවතුර අවදානම තවත් පැය 24 කින් දීර්ඝ කෙරේ.
අතුරුගිරියේ සිදුවූ මනුෂ්‍ය ඝාතන 2කට 4ක් අත්අඩංගුවට
වරෙන්තු ලැබිලා ටික වෙලාවකින් උසාවි ආපු විමල්...
වාහන 11 ක් එකිනෙක ගැටුණු දක්ෂිණ අධිවේගයේ රිය අනතුර
දිස්ත්‍රික්ක 6ට නායයෑම් පිළිබඳ ඉවත්වීමේ රතු නිවේදන
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය