ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 15-10-2019 | 6:55 AM
දේශීය පුවත් 1. ජනාධිපතිවරණය නිරීක්ෂණයට විදෙස් නිරීක්ෂණ කණ්ඩායම් දිවයිනට: ජනාධිපතිවරණ නිරීක්ෂණය සඳහා විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් දිවයිනට පැමිණ තිබේ. 2. නිල්වලා ග‍ඟේ ජල මට්ටම ඉහළට: ඇදහැලෙන අධික වර්ෂාව සමග නිල්වලා ග‍ඟේ ජල මට්ටම පානදුගම ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 3. තද සුළඟකින් පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට විදුලි බලය ඇණහිටී: තද සුළඟක් සමග විදුලි රැහැන් මතට ගස්අතු කඩා වැටීමෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ විදුලි බලය ඇණහිට ඇතැයි, විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. 4. පළාත් පාසැල් 8ක් ජාතික පාසල් ලෙස නම් කිරීමට පියවර: කුලියාපිටිය සාරානාත් විද්‍යාලය ඇතුළු පළාත් පාසැල් 08ක් ජාතික පාසල් ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 5. අප්‍රේල් 21 ප්‍රහාරය: මහජන පැමිණිලි හා පෙත්සම් භාරගැනීම අදින් අවසන් : අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිතුමා පත්කළ කොමිසම සඳහා මහජන පැමිණිලි හා පෙත්සම් භාරගැනීම ඊයේ අවසන් විය. විදෙස් පුවත් 1. හගිබිස් සුළි කුණාටුව ජපානයෙන් ඉවතට ගමන් කරයි:පුද්ගලයන් රැසකට මරු කැඳ වූ හගිබිස් සුළි කුණාටුව ජපානයෙන් පිටතට හමාගොස් තිබේ.