21 ප්‍රහාරයේ පැමිණිලි භාරගැනීම අදින් අවසන්

අප්‍රේල් 21 ප්‍රහාරය: මහජන පැමිණිලි හා පෙත්සම් භාරගැනීම අදින් අවසන්

by Staff writer 14-10-2019 | 7:57 AM

COLOMBO ( News 1st ) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිතුමා පත්කළ කොමිසම සඳහා මහජන පැමිණිලි හා පෙත්සම් භාරගැනීම අද අවසන් වේ.

එම කොමිසමට පැමිණිලි භාරගැනීම ආරම්භ වූයේ පසුගිය 4 වැනිදා ය. අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිතුමා පත්කළ කොමිසම සෙසු සාමාජිකයින් වන්නේ, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජකරුණා, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු මහත්වරුන් හා විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.ආර්. අධිකාරි මහත්මිය යි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය මස 22 වැනිදා මෙම පංච පුද්ගල කොමිසම පත් කරනු ලැබුවා.