ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 13-08-2019 | 6:09 AM

දේශීය පුවත්

1. “මේ රටේ ජනතාව වෙනුවෙන් මම මේ මොහොතේ වුණත් මැරෙන්න ලෑස්තියි” – සජිත් ප්‍රේමදාස: එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස සිය අදහස් පළ කළේ, බදුල්ල විල්ස් පාර්ක් පිටියේ පැවති විශේෂ පිළිගැනීමේ උත්සවයේදී ජනතාව අමතමිනි. 2. “අපේ අපේක්ෂකයා දුප්පත්කම හඳුනන නීති ගරුක අයෙක්” – කබීර් හෂීම්: තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් තෝරාපත් කරගෙන ජනතාව හමුවේ ප්‍රකාශ කිරීමට සියලු කටයුතු සූදානාම් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. 3. කොන්ද පණ ඇති නායකයෙකු දෙන්න – ජනතාව අගමැතිගෙන් ඉල්ලයි: කොන්ද පණ ඇති නායකයෙකු තමන්ට ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ජනතාව ඉල්ලීමක් කළේය. 4. “ජනාධිපතිවරණය තමයි තියන්නේ කියලා අපිට කියන්න බැහැ” – මහින්ද දේශප්‍රිය: වයස අවුරුදු 18 තරුණ තරුණියන්ට ඡන්ද අයිතිය ලබාදෙන්නැයි ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා තරුණයෝ සංවිධානය මැතිවරණ කොමිසම ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

විදෙස් පුවත්

5. ඉන්දියාවේ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව 160ක් දක්වා ඉහළට: මෝසම් වැසි හේතුවෙන් හටගත් ගංවතුරෙන් ඉන්දියාවේ දකුණු දිග සහ බටහිර ප්‍රදේශවල මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 160ක් දක්වා ඉහළ ගොස් තිබේ.