ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 28-06-2019 | 6:03 AM

දේශීය පුවත්

1. ලංගමට චීනෙන් සුඛෝපභෝගී බස්: සුඛෝපභෝගී බස් රථ 09 ක් ඊයේ ලංකා ගමනා ගමන මණ්ඩලයට භාරදී තිබේ. 2. අගමැති රනිල් කටුනායකදී දකුණු අප්‍රිකා ජනපති හමුවෙයි: දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පැවැත්විය. 3. 1988 කුමන්ත්‍රණයේ මහ මොළකරු කොළඹ පිහිටි මාලදිවයින් තානාපති කාර්යාලයේ රැඳී සිට ඇති බව හෙළිවෙයි: මාලදිවයින් ජාතිකයින් 19 දෙනෙකු ඝාතනයට ලක්වූ 1988 කුමන්ත්‍රණයේ මහා මොළකරු වන අබ්දුල්ලා ලුත්ෆි මාස 2ක කාලයක් කොළඹ පිහිට මාලදිවයින් තානාපති කාර්යාලයේ රැඳී සිට ඇති බව වාර්තා වේ. 4. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ: දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කීරිමේ ගැසට් නිවේදනය නිකුත් වී තිබේ. 5. සෙබළුන් 6කට ජීවිත අහිමි වූ කිලිනොච්චියේ දුම්රිය අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්: කිලිනොච්චියේ දුම්රිය අනතුර සිදු වූ ස්ථානයේ සවිකර තිබූ සංඥා පද්ධතියේ පරිපථය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥා අංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.