දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ

by Staff writer 27-06-2019 | 5:22 PM
COLOMBO (News 1st) : දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කීරිමේ ගැසට් නිවේදනය නිකුත් වී තිබේ. ඒ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුවයි. එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, දෙපාර්තමේන්තුවකින් , පළාත් පාලන ආයතනයකින් , සමුපකාර සමිතියකින් හෝ ශාඛාවකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමිනි. ඒ අනුව දුම්රිය ධාවනය , දුම්රිය හා මාර්ග නඩත්තුව, සංඥා පද්ධති හා මෙහෙයුම්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කළ යුතු සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇති. https://www.youtube.com/watch?v=FnR6pKYBX5A