ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 23-06-2019 | 6:24 AM

දේශීය පුවත්

1. ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයින් සඳහා මිලින්ද මොරගොඩගෙන් යෝජනා 3ක්: ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් සඳහා හිටපු අමාත්‍ය හා උරුමයක උල්පත පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා විසින් යෝජනා 3 ක් ඉදිරිපත් කර තිබේ. 2. ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය සඳහා ජපානයෙන් යෙන් බිලියනයක ප්‍රදානයක් ලබා දීමට එකඟත්වය: ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය සඳහා ජපානයෙන් යෙන් බිලියනයක ප්‍රදානයක් ලබාදීමට ජපානය එකඟත්වය පළ කර ඇතැයි වාර්තා වේ. 3. විදුලි බිලටත් මිල සූත්‍රයක් ද?: ශ්‍රී ලංකා විදුලිබල පනත සංශෝධනය කළ බවට වූ නිර්දේශයක් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. 4. හදිසි නීති රේගුලාසි තව ත් මසකින් දීර්ඝ කෙරේ: හදිසි නීති රේගුලාසී තව ත් මසකින් දීර්ඝ කිරීම සඳහා වූ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරිණි.

විදෙස් පුවත්

5. ඉරානය ගැන ට්‍රම්ප්ගේ අනුකම්පාව: ඉරාන වැසියන්ගේ ජීවිත ගැන සිතා එරටට එල්ල කිරීමට ගිය ප්‍රහාරය අවසාන මොහොතේ නවතා දැමූ බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.