ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 01-06-2019 | 6:45 AM

දේශීය පුවත්

1. ජනාධිපතිවරණය දෙසැම්බර් 7 වන දා: ජනාධිපතිවරණය දෙසැම්බර් මස 07 වැනි දා පවත්වන බව මැතිවරණ කොමිසම පවසා ඇතැයි ජනාධිපතිතුමා ඉන්දියාවේදී කියයි. 2. “කිසිදු රටක හමුදාවලට මෙරටට ඇතුළුවීමට ඉඩදෙන ගිවිසුම්වලට එකඟ වෙන්නේ නැහැ”: වෙනත් කිසිම රටක හමුදාවකට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට හෝ කඳවුරු බැඳීමට ඉඩ ලැබෙන කිසිදු ගිවිසුමකට එළඹෙනවාට තරයේ විරුද්ධ බව සියම් මහා නිකායේ මල්වතු – අස්ගිරි උභය විහාර සහ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් ඒකාබද්ධ ප්‍රකාශයකින් අවධාරණය කරති. 3. සියලු රාජ්‍ය ආයතනවල නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරිය අනිවාර්ය කෙරේ: සියලු රාජ්‍ය ආයතනවල නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරිය පමණක් හැඳ රාජකාරියට පැමිණෙන්නැයි රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය දැනුම්දීමක් කර තිබේ. 4. සහරාන්ගේ බවට සැක ලැප්ටොප් පරිගණකයක් පාලමුනේ කලපුවෙන් සොයාගනී: මොහොමඩ් සරහාන්ගේ බවට සැක කෙරෙන ලැප්ටොප් පරිගණයක් අක්කරෙයිපත්තුව පාලමුනේ කලපුවේ තිබී සොයාගෙන තිබේ. 5. වසා දැමුණු කැලණිය සරසවියේ පීඨ 3 ක් ලබන සඳුදා යළි විවෘත කෙරේ: වසා දැමුණු කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් ලබන සඳුදා (03) යළි විවෘත කෙරේ.