ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 10-04-2019 | 6:34 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය අධීක්ෂණ මෙහෙයුම් නිලධාරීන්ගේ සන්ධානය හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සන්ධානය ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවා තිබේ. 2. සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. 3. මෙගාවොට් 100ක පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා වන සහයෝගීතා ගිවිසුමට ඊයේ අත්සන් තැබිණි. 4. හෙරොයින් ජාවාරමට ආධාර අනුබල ලබා දීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හලාවත නාගරික මන්ත්‍රීවරයා දින 5ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය ඊයේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අවසර ලබා දුන්නේ ය. 5. පාතාල කල්ලි සාමාජිකයෙකු වන සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංග නමැත්තාව විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත් 6. ඉරාන විප්ලවීය හමුදාව විදේශික ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තේ ය.