දුම්රිය සේවක වර්ජනය අත්හිටුවයි

දුම්රිය සේවක වර්ජනය අත්හිටුවයි

දුම්රිය සේවක වර්ජනය අත්හිටුවයි

කර්තෘ Staff writer

09 Apr, 2019 | 7:18 pm

COLOMBO (News 1st) – වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය අධීක්ෂණ මෙහෙයුම් නිලධාරීන්ගේ සන්ධානය හා දුම්රිය අධීක්ෂණ කළමණාකරුවන්ගේ සන්ධානය අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය අත්හිටුවා තිබේ.

ඒ, ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.

දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පැවසුවේ, තම ඉල්ලීම් සම්බන්ධයෙන් ලබන 18 වන දා ප්‍රවාහන හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]