ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 20-03-2019 | 6:43 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරමින් ඊයේ කොළඹ නගරයේ විරෝධතා කිහිපයක් පැවැත්විණි. 2. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට සූදානම් වන සම අනුග්‍රාහක යෝජනාවට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි. 3. අක්‍රිය වී ඇති නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ විදුලිය මේ වන විටත් ජාතික පද්ධතියට එකතු කර ගැනීමට හැකි වී නොමැත. 4. ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 26 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 5. ඊච්චන්කුලම, කල්මඩුල ප්‍රදේශයේ පුරාවස්තු කැණීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඊච්චන්කුලම පොලීසියේ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත් 6. ඉන්දියාවේ ගෝවා ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය මනෝහර් පරික්කාර් අභාවප්‍රාප්ත වෙයි.