ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 27-12-2018 | 6:36 AM

දේශීය පුවත්

1. ප්‍රචණ්ඩ රළ ජීවිත දහස් ගණනක් බිළි ගෙන වසර 14 යි: ජාතික ආරක්ෂිත දිනය ඊයේ දිනයට යෙදී තිබේ. මෙම දිනය සැමරෙන්නේ, 2004 වසරේ දෙසැම්බර් මස ඊයේ වැනි දිනක සිදු වූ සුනාමි ව්‍යසනය සිහිපත් කරමිනි. 2 . බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කුහවර්ධන් CID අත්අඩංගුවට: බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස්. කුහවර්ධන් මහතා රුපියල් ලක්ෂ 700කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 3 . මත්තලට ගොඩ බැස්ස වූ යානයක ගින්න නිවා දැමේ: මත්තල ගුවන්තොටුපළින් ඕමානය බලා පිටත්වීමට සුදානම් වූ ගුවන් යානයක ගින්නක් හටගෙන ගෙන තිබේ. 4 . කුඩාවැල්ලේ වෙඩි තැබීම : 40කගෙන් ප්‍රකාශ ලබා ගනී: තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 40 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. 5. හේනමුල්ල නිවාස සංකීර්ණය අසළ වෙඩි තැබීමකින් අයෙක් මරුට, 4 දෙනෙක් රෝහලේ: ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල නිවාස සංකීර්ණය අසළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා ඇත.

විදෙස් පුවත්

6. ඉන්දුනීසියාව නව සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් ඉදිකිරීමට සැරසෙයි: ලබන වසරේ නව සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියක් ඉදිකිරීමට ඉන්දුනීසියාව සූදානම් වෙයි.