මත්තලට ගොඩ බැස්සවූ යානයක ගින්න නිවාදැමේ

මත්තලට ගොඩ බැස්සවූ යානයක ගින්න නිවාදැමේ

by Staff writer 26-12-2018 | 6:21 PM
COLOMBO (News 1st) : මත්තල ගුවන්තොටුපළින් අද උදෑසන ඕමානය බලා පිටත්වීමට සුදානම් වූ ගුවන් යානයක ගින්නක් හටගෙන ගෙන තිබේ. මත්තල ගුවන් තොටුපළේ නිලධාරියකු සඳහන් කළේ, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වන එහි ගුවන් නියමුවන් දෙදෙනකු ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීන් 7 දෙනෙකු සිටි බවයි. තායිලන්තයේ බැංකොක් සිට ඕමානයේ සලාම් ගුවන් තොටුපොළ වෙත යන අතර ඉන්ධන ලබා ගැනීම සඳහා මත්තල ගුවන් තොටුපළට ගොඩ බස්වා යළි පිටත්යාමට සුදානම් වූ අවස්ථාවේ එහි ඇන්ජිමක මෙම ගින්න හටගෙන තිබේ. පසුව මත්තල ගුවන් තොටුපළේ ගිනි නිවීම් ඒකකය ගින්න නිවා දැමු බව එම නිලධාරියා සඳහන් කළේ ය. යානය මේ වනවිට අලුත්වැඩියාව සඳහා යොමු කර ඇති අතර සිවිල් ගුවන් සේවා අධිකාරියේ පරික්ෂණයකින් අනතුරුව එය ගුවන්ගත කිරීමට නියමිතයි.