ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 08-11-2018 | 6:01 AM
1. තව ත් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු දිවුරුම් දෙති: කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී ඊයේ දිවුරුම්දී තිබේ. 2. නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස එච්.එම්.පී. හිටිසේකර පත් කෙරේ: නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස එච්. එම්. පී. හිටිසේකර මහතා පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඊයේ ජනාධිපතිතුමා අතින් ඒ මහතා සිය පත්වීම් ලිපිය ලබාගත් බවයි. 3. පාර්ලිමේන්තුව කැඳවන දිනයේ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ බහුතර මතය විමසිය යුතුයි – කථානායක: ලබන 14 වැනි දා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳ බහුතර මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසිය යුතු බව කථානායක කරූ ජයසුරිය මහතා පවසයි. 4. DIG නාලක ද සිල්වා යළි රිමාන්ඩ්: පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 21 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත තිබේ. 5. බස් ගාස්තු 2% කින් පහළට: බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට 2% කින් පහළ දැමීමට ජතික ගමනාගමන කොමිසම තීරණය කර තිබේ. කෙසේ වෙතත් අවම බස් ගාස්තුව වන රුපියල් 12.00 ගාස්තුව වෙනසක් සිදු නොවේ. 6. පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ජනපතිගේ නියෝග මත පමණයි – පොලිස්පති: පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ජනාධිපතිතුමාගේ නිශ්චිත උපදෙස් හා නියෝග මත පමණක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

දවසේ සිත්තම...