DIG නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

by Staff writer 07-11-2018 | 3:58 PM

COLOMBO (News 1st) - පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 21 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත තිබේ.

ඒ, ජනපති ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. වැඩ තහනමට ලක් ව සිටින පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පසුගිය 25 වැනි දා රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.