ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 23-08-2018 | 6:07 AM

දේශීය පුවත්

1.  ජපාන ආරක්ෂක ඇමති ත්‍රිකුණාමලයේ සහ හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක: ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩේරා මහතා ඊයේ පස්වරුවේ හම්බන්තොට වරායේ සහ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි, වරාය ආශ්‍රිත නිරීක්ෂණ චාරිකාව නිරත විය. 2.  කණ්ඩලමේ මුවෙක් දඩයම් කෙරූ තිදෙනෙකුට වැඩ වරදී: දඹුල්ල කණ්ඩලම වැව් රක්ෂිතයේ මුවෙකු මරා මස් කිරීමට සුදානම්ව සිටි තිදෙනෙකු දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් කණ්ඩලම තලවගහඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. 3. ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි හිටපු ජනපති හමුවෙයි: භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි මහතා අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු විය. ඒ, වීරකැටිය මැදමුලන රාජපක්ෂ නිවසේදී ය. 4. රාජ්‍ය සේවක වැටුප් විෂමතා පිළිබඳ සොයා බැලීමේ කොමිසම ගැසට් කෙරේ: රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය කර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනාධිපතිතුමාගේ නියෝග මත විශේෂ කොමිසමක් පත් කර තිබේ. ඊයේ රාත්‍රියේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ කොමිසම සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත අතර එහි සභාපතිත්වය දරන්නේ හිටපු ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුග්ගේ මහතා ය.

විදෙස් පුවත්

5.  වෙනිසුවෙලාවට ප්‍රභල භූ කම්පනයක්: වෙනිසුවෙලාවේ කැරකාස් අගනුවර ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. එහි ප්‍රබලත්වය සටහන් වූයේ, මැග්නිටියුඩ් ඒකක 7.3ක් ලෙස ය.