ගෙවුණු දවස උණුසුම් කළ පුවත්...

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්...

by Hashini De Mel 12-07-2018 | 7:14 AM
COLOMBO (News 1st) 1.  මරණ දඬුවම නියමවී සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයින්ට මරණ දඬුවම ලබාදීමට තමන් අත්සන් තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ මතට එරෙහිව පාසලෙන් ජවයක්, වැඩසටහනේ සමාරම්භක උත්සවය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත් විණි. 2.  ශ්‍රීලංකන් ගුවන් සමාගමේ බිලියන 13.5ක ණය උගුලෙන් බේරීම සඳහා රාජ්‍ය බැංකු දෙකකින් ණයක් ලබා ගැනීමට තීරණය කර තිබේ. පුවපත් වාර්තාවට අනුව රාජ්‍ය බැංකු අදාළ ණය මුදල මුදා හැරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් සිටි. 3.  ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය මත දෙකක් ඉදිරිපත් කරමින් සිටි. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක හමුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත් විය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසූවේ, රාජ්‍ය නායකයා වෙන කවුරුවත් නෙවෙයි අතිගරු මහින්ද රාජපක්ෂ මහතා බවයි. 4.  ජූලි 10 වන දින මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් ඉහළ දැමිණි. රජය පැවසූවේ, සෑම මාසයකටම වරක් තෙල් මිල තීරණය වන ආකාරයෙන් මිල සූත්‍රය ක්‍රියාත්මක වන බවයි. 5.  මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු මෙන් ම ප්‍රකට නීතිවේදියෙකු වූ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත විය. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා සිදු කිරීමට නියමිත වේ.

විදෙස් පුවත්

6.  අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය තීව්‍ර කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 200ක වටිනාකමින් යුත් චීන භාණ්ඩ සඳහා 10%ක අමතර තීරු බද්දක් පැනවීමට ජනපති ට්‍රම්ප් පරිපාලනය සූදානම් වෙයි.