Police crackdown on 527 drivers for DUI

Police crackdown on 527 for driving under influence

by Staff Writer 10-03-2019 | 3:14 PM
COLOMBO (News 1st) - 527 drivers have been arrested for driving under the influence in a raid conducted during the past two days. The raids had been conducted in the Western province. Police Media spokesperson SP Ruwan Gunasekara said that the operation was conducted under the direct supervision of the IGP. The operation was launched in order to crack down on the increased number of people driving under the influence following functions at night. The police said that 222 drunk drivers were arrested in operations conducted on the 08th this month while 305 were arrested yesterday (March 09). The police said that the arrested individuals included lawyers, doctors, businessmen and people of various social class. Measures have been taken to temporarily suspend their driving licenses and file cases against these drivers in the forthcoming days.
  බස්නාහිර පළාත තුළ පසුගිය දෙදින මධ්‍යම රාත්‍රීය සහ අලුයම් කාලය ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම තුළදී බීමත් රියදුරන් 527 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ, පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ, එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. සති අන්ත දිනවල මධ්‍යම රාත්‍රීයේ සහ අලුයම් කාලයේ සමාජ ශාලා වල සහ අවන්හල්වල මත්පැන් පානය කර, රිය ධාවනය කරන රියදුරන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවට පොලිස්පතිවරයාට ලැබී තිබු තොරතුරු අනුව, මෙම මෙහෙයුම සංවිධානය කර තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කලේ, පෙරේදා දින ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී බීමත් රියදුරන් 222ක් සහ ඊයේ දින ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී 305 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් පිරිස අතර, නිතිඥයින්, වෛද්‍යවරුන් සහ ව්‍යාපාරිකයින් ඇතුළු සමාජයේ විවිධ තරාතිරම් වල පුද්ගලයින් වන බව පොලිසිය සඳහන් කළා. එම සියලු රියදුරන්ට ඉදිරි දින කිහිපය තුළ නඩු පවරා නිතිය ක්‍රියාත්මක කිරිමටත්, ඔවුන්ගේ රියදුරු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමේ නියෝග ලබාගැනීමටත් පියවර ගනු ඇතියි.