ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 17-05-2019 | 6:45 AM
COLOMBO (News 1st)  දේශීය පුවත් 1. ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ කණ්ඩායම්වලට කිසිදු හමුදා නිලධාරියෙක් සම්බන්ධ නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා අවධාරණය කරයි. 2. උත්සව පවත්වා වන්දි පිරිනැමීම ගැන කටුවාපිටියේදී ජනතා අප්‍රසාදය පළ විය. 3. අප්‍රේල් 21 ප්‍රහාරය සිදු කළ බෝම්බකරුවෙකුට අයත් බව කියන තඹ කම්හලෙන් අත්අඩංගුවට ගත් සේවකයින් 9 දෙනෙකු ඇප මත මුදා හැරීමේ සිද්ධියට අදාළව වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කර තිබේ. 4. නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ජනතාව පොළඹවන්නන්ට සහ අපරාධකරුවන්ට එරෙහිව නීතිය එකලෙස ක්‍රියාත්මක කරන්නැයි යුරෝපා සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. 5. වීසා නොමැතිව මෙරට රැඳී සිටි පලස්තීන ජාතිකයෙකු මහනුවර, තැන්නකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 6. මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762 දෙනෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කර තිබේ. 7. අප්‍රේල් 21 වන දා ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වූ මොහොමඩ් රිස්වාන් නමැති පුද්ගලයා වත්තල, මාබෝල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් පුවත් 8. තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රය ඔස්සේ එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ක්‍රීඩා පුවත් 9. එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝගන්ට එක්දින ක්‍රිකට් තරගයක් තහනම් කර තිබේ.