COLOMBO(News1st) - වසරකට ළමා පිළිකා රෝගීන් 900 ත් 1000 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.ඒ ජාතික පිළිකා ලේඛනයේ දත්ත පදනම් කර ගනිමින් ය.ලේ පිළිකා හෙවත් ලියුකේමියාව, වසා ග්‍රන්ති ආශ්රිත පිළිකා, මොළය ආශ්රිත පිළිකා ඒ අතරින් බහුලව වාර්තා වන ළමා පිළිකා අතරට ඇතුළත් ය.සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා පැවසුවේ, මෙම පිළිකා පෙර හඳුනගෙන ප්‍රතිකාර සඳහා යොමු වීමට කටයුතු කරන ලෙසයි. ...