COLOMBO (News 1st) - නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද උදෑසන බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ ගොස් තිබේ.පොලීසිය සඳහන් කළේ, අනතුරින් තවත් පුද්ගලයින් 40 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි.අනතුරට ලක්ව ඇත්තේ, කුරුණෑගල සිට කතරගම බලා ධාවනය වූ ලංගම බස් රථයක්.රෝගීන්, කොත්මලේ, ගම්පොළ, නුවරඑළිය සහ නාවලපිටිය රෝහල්වලට ඇතුළත් කර ඇත.රෝහල් බලධාරීන් ප්‍රකාශ කළේ, ඉන් වැඩි පිරිසකගේ තත්ත්වය බ...