COLOMBO (News1st)-සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.ඒ වෙනුවෙන් දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයකම විවිධ පිංකම් සංවිධාන කර ඇත්තේ ප්රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමිනි.කොළඹ ඇතුළු දිවයිනේ සෑම නගරයකම පාහේ වෙසක් තොරණ, පහන් කූඩු හා දන්සැල් වැනි ආමිස පූජා ද අද දිනයේ සංවිධාන කර ඇත.බුදුවී ලොව වැඩ සලසන්නැයි නමස්කාර පෙරදැරිව කළ දේවාරාධනය පිළිගත් බෝසතුන් කාලය, දේශය, ද්වීපය, කුලය සහ මව යන පංචමහා විලෝකනයන් විමසීමෙන් පසු ...