COLOMBO (News 1st) - ආපදා හේතුවෙන් හානි වූ මාර්ග සංවර්ධන අධිකාරීයට අයත් මහා මාර්ග 293න් 292ක් ගමනාගමනය සඳහා පිළිසකර කර ඇතැයි අත්‍යාවශ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.ඔහු සඳහන් කළේ, ප්‍රධාන පාලම් 42න් පාලම් 15ක් ගමනාගමනය සඳහා පිළිසකර කර ඇති බවයි.ආපදාවලින් හානියට පත් මෙරට රෝහල් 236කින් 90%ක පමණ සංඛ්‍යාවක් යථාතත්ත්වයට පත්කර ඇති බවද අත්‍යාවශ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය....