COLOMBO (News1st)-කොටහේන ප්රදේශයේදී දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.පොලීසිය පැවසුවේ දැරියගේ මරණයෙන් පසු ළමා හා කාන්තා අපයෝජන නිවරණ හා විමර්ශන කාර්යාංශයේ 109 දරණ හදිසි දුරකතන අංකයට තුන්වන පාර්ශ්වයක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.මෙම දැරිය සහභාගී වූ උපකාරක පංතියකදී එම ආයතනය පවත්වාගෙන යන පුද්ගලයා විසින්, දරුවන් ඉදිරියේ මියගිය දැරියව මානසික ප...