COLOMBO (News 1st) - නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 ක් දක්වා ඉහළ ගොස් තිබේ.පොලීසිය සඳහන් කළේ, ඒ අතර කාන්තාවන් 5 දෙනෙකු වන බවයි.ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව, 50 ඉක්මවයි.අද උදෑසන එලෙස අනතුරට ලක්ව ඇත්තේ, කුරුණෑගල සිට කතරගම බලා ධාවනය වූ ලංගම බස් රථයක්.තුවාල ලැබූ 59 දෙනෙකු, කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව, එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළේ ය.ඔහු පැව...