කොල්ලුපිටියේ දමා ගිය මළ සිරුරේ සුලමුල හෙළිවෙයි

කොල්ලුපිටියේ පාරේ දමා ගිය මළ සිරුරේ සුලමුල හෙළිවෙයි...

by Staff writer 28-11-2026 | 11:26 PM

COLOMBO (News 1st) - කොල්ලුපිටිය, ඇල්ෆ්‍රඩ්හවුස් ඇවනිව්හි මාර්ගයේ දමාගොස් තිබූ මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ත්‍රීරෝද රථයකින් පුද්ගලයෙකු අදාළ ස්ථානයට දමා යන අයුරු දැක්වෙන CCTV දර්ශන ඔස්සේ කළ විමර්ශනයකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

අදාළ ත්‍රීරෝද රථ රියදුරු සහ ඔහුගේ මිතුරෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකුගේ මළ සිරරුක් එලෙස මාර්ගයේ දමාගොස් තිබියදී සොයා ගැනුණේ, පසුගිය 21 වැනිදා රාත්‍රීයේදීයි.