දික්ඕවිටට ගෙනා යාත්‍රාවේ හෙරොයින් කිලෝ 3ක්

දික්ඕවිටට ගෙනා යාත්‍රාවේ හෙරොයින් කිලෝ 3ක්

by Staff writer 27-11-2026 | 10:49 PM

COLOMBO(News1st) - ජාත්‍යන්තර මුහුදේදි නාවික හමුදාව භාරයට ගත් විදෙස් යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 670ක් සොයා ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, යාත්‍රාවේ සිට අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 7 දෙනා ද වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී දුන් බවයි.

අදාළ යාත්‍රාව අද පස්වරුවේ දික්ඕවිට වරයාට රැගෙන ආවේය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් චමින්ද වළාකුළුගේ සඳහන් කලේ ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව විජයබාහු නෞකාව ජාත්‍යන්තර මුහුදේ කල විශේෂ මෙහෙයුමකදි එම යාත්‍රාව  නාවික හමුදා භාරයට ගත් බවයි.

ඒ ශ්‍රී ලංකාවේ සිට නාවික සැතපුම් 400ක් පමණ දුරින් වන දකුණු මුහුදේදී කිසිදු රටකට අයත් ධජයක් රහිතව යාත්‍රා කරමින් තිබියදීයි.